මේ වසරේ පැරිස් හි පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සහ සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පසුගියදා සිදුවිය.

මෙවර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රීඩකයා මෙන්ම, ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන්නේ ද විරේන් නෙත්තසිංහයි.

අදාළ සුදුසුකම් සදහා වූ පරිසාධන මට්ටම සපුරා ගැනීමට 20 හැවිරිදි විරේන් නෙත්තසිංහ පසුගිය මාස කිහිපයේ දී ලොව පුරා විවිධ රටවල පැවති තරගවලට සහභාගී විය.

2012 වසරේ දී නිලූක කරුණාරත්න පරිසාධන මට්ටම පසු කර ඍජු ලෙස ඔලිම්පික් වරම් දිනා ගත්තේ ය.

ඉන් අනතුරුව එවැනි දස්කමක් කළ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයා විරේන් නෙත්තසිංහ යි.

WhatsApp Group

Skip to content