වියළි කාලගුණය හේතුවෙන් වගා හානිවූ ගොවිබිම් ප්‍රමාණය, අක්කර 50,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එම තත්ත්වය දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ.

උඩවලව ප්‍රදේශයේ පමණක් වගා හානි ගණනය කිරීම සඳහා කණ්ඩායම් 5 ක් යොදවා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

WhatsApp Group

Skip to content