වියලි කාලගුණයත් සමග දිවයින පුරා කුඩා වැව් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සිඳී ගොස් ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් දිස්ත්‍රික්ක ගණනාවක වී වගාවට හා ගොඩ බෝග වගාවන්ට ජලය සැපයීමේ දුෂ්කරතා මතුව ඇති බවයි.

කුරුණෑගල හා අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ ගණනාවක කුඹුරු වගාවට කුඩා වැව් සිඳී යාම හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා .

ගොඩ භෝග වගාවලට බලපෑම් එල්ල වී ඇත්තේ, කුරුණෑගල, අනුරාධපුර අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රදේශවලයි.

මෙම වගාවන් රැක ගැනීම අතිශයින් දුෂ්කර වී ඇති අතර වැව්වල ළිං හෑරීම සඳහා මේ වනවිටත් අවසර ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසුවා.

මෝසම් වැස්ස ප්‍රමාණවත් පරිදි නොලැබීම මෙන්ම උෂ්ණාධික කාලගුණය වැව් වේගයෙන් සිඳී යාමට හේතුව බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ .

WhatsApp Group

Skip to content