වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් වැඩිදියුණු කිරීම පිළිබදව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට වියට්නාම තානාපතිනි ටිරන්තී ටෑන් මහත්මිය අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයාට සුබපැතීම සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේදීයි.

මෙහිදී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳවද සාකච්ඡා පවත්වා තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ඓතිහාසික, බෞද්ධ මෙන්ම සංස්කෘතික සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳවද මෙහිදී අවදානය යෙමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content