අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා පසුගිය 19 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම හේතුවෙන් ඔහුට චෝදනා එල්ල වනවා.

 

WhatsApp Group

Skip to content