ඉන්දු පැසිෆික් සාගර කලාපයේ සිදුවෙමින් පවතින භූ දේශපාලනික මෙහෙයුම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත පර්යේෂණාත්මක කෘතිය,”රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” ජනගත කිරීම, කොළඹ 07 පිහිටි ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී (ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය) ඊයේ සිදු කෙරිණි.

මෙහිදී විමල් වීරවංශ මහතා විසින් සාහිත්‍යසූරී, ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී සොනාලි වඩුගේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ප‍්‍රවීණ සාහිත්‍යවේදී සේන තෝරදෙනිය, මහාචාර්ය ටියුඩර් වීරසිංහ, මහාචාර්ය ධර්මකීර්ති ශ‍්‍රී රංජන් යන විද්වතුන්ට කෘතිය පිළිගන්වනු ලැබිණි.

WhatsApp Group

Skip to content