මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද  අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජන ජිවිතයට බාධා පැමිණ තිබෙනවා.

නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග විමසුරෙන්ද්‍ර ජලාශය අද අලුයම සිට වාන් දමන බවයි ජලශ භාර ඉංජිනේරුවරුන් කියා සිටියේ.

ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය , හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ අතුරු මාර්ග වල රථ වාහන ධාවනයට බාධා පැමිණ ඇති අතර , එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content