පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පසුගිය 11 වනදා තරුණියක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළ වාර්තාව අද තමන් වෙත භාරදෙනු ඇතැයි විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පසුගියදා පත් කෙරුණා.
එම කමිටුවේ සාමාජිකයින් ඊයේ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ගොස් විමර්ශන සිදු කර තිබෙනවා.
උදරාබාධයක් හේතුවෙන් පසුගියදා පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරුණු එම තරුණිය මියගියේ රෝහලෙන් එන්නත් දෙකක් ලබාදීමෙන් පසුව බවටයි පවුලේ ඥාතීන් චෝදනා කළේ.
අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් රටේ දැඩි කතාබහක් ඇති වූ අතර ලබාදී තිබූ එන්නත පිළිබඳ තවත් පාර්ශව රැසක් අදහස් පළ කළා.

මේ අතර අදාළ තරුණියට දුන් එන්නත් ඛාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර තිබෙනවා .

මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා එම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන අතර එය සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විතයි.

මෑත කාලයේ රෝහල්වල සිදු වූ මතභේදයට තුඩු දුන් සියලු මරණ සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් සිදු කර අමාත්‍යවරයාට එම කමිටුව විසින් වාර්තාවක් ලබා දිය යුතු වනවා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවට මැදිහත් වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

https://www.vnews.lk/storage/2023/07/HARITHA-ALUTHGE-EDIT-.mp3?_=1

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ද අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/07/RAVI-KUMUDESH-EDIT-2.mp3?_=2

WhatsApp Group

Skip to content