විභාග කොමසාරිස් ජෙනරාල්වරයාගේ නිසි අවසර ලිපියකින් තොරව නුවරඑලිය දිස්ත්‍රික්කයේ අ.පො.ස සා.පෙල විභාගය පැවැත්වෙන ඇතැම් විභාග මධ්‍යස්ථාන වලට අතිරේක ශාලාධිපතිවරුන් පත් කර ඇති බව එම විභාග මධ්‍යස්ථානවල ශාලාධිපතිවරුන් පවසනවා.

විභාග කොමසාරිස්වරයාගේ නිසි අවසර ලිපියක් නොමැතිව පිටස්තර පුද්ගලයන්ට විභාග ශාලාවලට ඇතුල්විම තහනම් කර තිබියදී ත්  නිසි පත්විම් ලිපියක් නොමැතිව මෙසේ  විභාග මධ්‍යස්ථානවලට අතිරේක ශාලාධිපතිවරුන් පත් කර ඇති බවයි නුවරඑලිය දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථානවල ශාලාධිපතිවරුන් කියා සිටියේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තතුමේන්තුවේ උසස් නිලධාරින් දැනුවත් කල බව ද ශාලාධිපතිවරුන් පැවසූ අතර මේ සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථාන භාර උසස් නිලධාරියෙකු කියා සිටියේ විභාග කොමසාරිස් ජෙනරාල්වරයාගේ දැනුම් දිමක් මත පත්විම් ලිපියක් නොමැතිව දුරකථනය ඔස්සේ දැනුම් දෙමින් ඇතැම් විභාග මධ්‍යස්ථානවලට අතිරේක ශාලාධිපතිවරුන් කිහිපදෙනෙකු යොමු කර ඇති බවයි.

WhatsApp Group

Skip to content