විභාග කොමසාරිස් ජනරාල්වරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා අද දිනයේ මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

ඒ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිට වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කිරීම හේතුවෙන්.

විභාගය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මානව හිමිකම් කොමිසමට ලැබීම හේතුවෙන් අදාළ කැඳවීම කළ බව මානව හිමිකම් කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content