විනය උල්ලංඝනය කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පක්ෂ මට්ටමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

ඊයේ එම පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදියි මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙහිදි පක්ෂයේ විනය උල්ලංඝනය කළ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

එම සාකච්ඡාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්,  ප්‍රේමනාත් සී.දොලවත්ත, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන සහ  රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ  කළා.

 

 

WhatsApp Group

Skip to content