ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ලියාපදිංචිය වී සිටින අපේක්ෂකයන්ට යළි මුදල් ලබා දෙන ලෙස පවසමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දුරකතන ඇමතුම් ලබා දී නොමැති බව එම කාර්යාංශය පවසනවා.

එම කාර්යාංශය කියා සිටියේ මේ වන විට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ලියාපදිංචි වී ඇති ඇතැම් අපේක්ෂයන්ට නැවත රුපියල් 14,700ක මුදලක් ගෙවන ලෙසට දුරකතන ඇමතුම් ලැබෙන බවයි.

එම දුරකතන ඇමතුම්වලට නොරැවටෙන ලෙසත්, ජාවාරම්කරුවන් පවසන බැංකු ගිණුම්වලට මුදල් බැර කිරීමෙන් වළකින ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ පිළිබදව වැඩිවිස්තර දැනගැනීම සඳහා 1989 කෙටි දුරකථන අංකය අමතන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් පවසනවා.

WhatsApp Group

Skip to content