මෙරටින් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම මත පනවා තිබූ ඇතැම් සීමා කිරීම් ලිහිල් කර තිබෙනවා.

2020 වසරේදී මෙම සීමාකිරීම් සහ අත්හිටුවීම් පැනවීමට පියවර ගනු ලැබුවේ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වාගැනීමට සහ රට තුළ විදේශ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීම සඳහායි.

කෙසේ වෙතත් විදේශ විනිමය වෙළදපළ තුළ අපේක්ෂිත සංවර්ධනයක් සැලකිල්ලට ගනිමින් ගනුදෙනු කිරීමට ලිහිල් කර ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

මීට පෙර නිකුත් කරන ලද නියමය යටතේ සංක්‍රමණික දීමනාවට පළමුවරට හිමිකම් කීමේදී යටත් කර තිබූ සීමාව වුනේ ඩොලර් 30,000 ක් පමණයි.

කෙසේ වෙතත් නව නියමය යටතේ එය ඩොලර් 50,000 ක උපරිමය දක්වා ඉහළ නංවා තිබෙනවා.

 

WhatsApp Group

Skip to content