ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු තලංගම පොලිස් ස්ථානයේ රඳවා තබා අද දින කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, කටුනායක, ඩබ්.ඒ.ද සිල්වා මාවතේ කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව West berg International නමින් විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට තොරතුරුක් මත විමර්ශන නිළධාරීන් විසින් අදාල ආයතනය වැටලීම් කර තිබෙනවා.

එහිදී එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 20ක්ද, විවිධ රටවල රැකියා ලබාදීමට අදාල ලිපිගොනු 31ක් හා රැකියා අයදුම්පත්‍ර 05ක්ද නිළධාරීන් භාරයට ගෙන ඇති බව සදහන්.

අදාල ස්ථානය පවත්වාගෙන ගිය මීගමුව, දළුපොත ප්‍රදේශයේ පදිංචි තැනැත්තෙකු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මොහු කටුනායක පොලිස් ස්ථානයේ රඳවා සිට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස මහජනතාව දැනුවත් කරන මෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content