විදේශ රැකියා දෙන බවට පවසමින් පුද්ගලයෙකුගෙන් රුපියල් අට ලක්ෂ විසි දහසක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළ අඹු-සැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රඹුක්කන පොලිස් ස්ථානයට ලද පැමිණිලි 6 කට අදාළව සිදු කළ විමර්ශනවලදී.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන, බෙලිගොඩපිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අඹු-සැමි යුවලක් බව සදහන්.

ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී තවත් පුද්ගලයින් රවටා එලෙස මුදල් වංචා කර ඇති බව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මොවුන් දෙදෙනාට විරුද්ධව පැමිණිලි කිරීම සදහා පුද්ගලයින් 46 දෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා.

මෙම සැකකරුවන් පිළිබදව වැඩිදුර විමර්ශන රඹුක්කන පොලිසිය මගින් ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content