විදේශ රැකියා ජාවාරමක නිරත වු පුද්ගලයෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු සීෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාර නිලධාරීන් ලෙස සේවය සදහා පුද්ගලයින් බදවා ගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ.

වලංගු රැකියා අණවුමක් නොමැතිව සැකකරු විසින් මෙම ජාවාරම සිදුකර ඇති බවයි ආනවරණ වී ඇත්තේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ කිසිදු රටක බන්ධනාගාරවල රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් යොමු නොකරන බවයි.

WhatsApp Group

Skip to content