විදේශ රැකියා සහ සංක්‍රමණ ක්ෂේත්‍රයේ ජාවාරම් නතර කිරීමට නම් වහා ඩිජිටල්කරණයට යොමු විය යුතු බව විදෙස් බලය සංවිධානය අවධාරණය කර සිටිනවා.

අදාල සියලු කටයුතු ඩිජිටල්කරණයට ලක් නොවීම හමුවේ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ආකාරයට මෙම ක්ෂේත්‍රෙය් කටයුතු මෙහෙයවීමට අවස්ථාව ලැබී ඇති බවයි විදෙස් බලය අවධාරණය කරන්නේ.

එහි කැදවුම්කරු ජනක බලල්ල මහතා ඒ පිලිබඳ පැහැදිලි කළේ මෙලෙසින්.

https://www.vnews.lk/storage/2022/12/VIDES.mp3?_=1

සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා පිටත්ව යාමේ සීග්‍ර වර්ධනයක් පසුගිය කාලයේ දක්නට ලැබුනා.

මෙම තත්වය ජාවාරම්කරුවන්ට පහසු වූ අතර ඒ හේතුවෙන් ශ්‍රමිකයින් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බවයි වාර්තා වුයේ.

විදේශ රැකියා සහ සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් වන තොරතුරු ඩිජිටල් වේදිකාවකට ගෙන ඒමට හැකියාව ලැබුණේ නම් මෙවැනි ජාවාරම්වලින් වලක්වා ගත හැකි බවයි ජනක බලල්ල මහතා පෙන්වා දෙන්නේ.

https://www.vnews.lk/storage/2022/12/VIDES_DIGITAL.mp3?_=2

WhatsApp Group

Skip to content