විදේශ ණය ප්රතිව්යුහගතකිරීමේ සම්පූර්ණ වාසිය අප රටට හිමිවන බව මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්යවරයා සඳහන් කළේ ණය ප්රතිව්යුහගත කිරීමෙන් අප රටට කිසිදු වාසියක් ඇති නොවූ බවට ඇතැම් පිරිස් සඳහන් කළ ද ණය ආපසු ගෙවීමට ඇති කාලය දීර්ඝ වීම , පොලී ප්රතිශතය අඩුවීම ආදී කාරණා සලකා බැලීමේදී එහි වාසිය අප රටට හිමිවන බවත්, ණය ලබාදුන් ණයහිමියා එම ණය මුදල තවත් කාලයක් දරා ගැනීම ආදී කරුණු සකසා බැලීමේදී එහි වාසිය හිමිවන්නේ කුමන පාර්ශවයටදැයි සිතා බැලිය යුතු බවත් ය.
මෙහිදී අමාත්යවරයා ණය ප්රතිව්යුගතකරණයට අදාළව සහ 02 වෙනිදා විශේෂ පාර්ලිමේන්තු සභාවාරය ඇතුළු ආර්ථික කාරණා රැසක් ගැන අදහස් දැක්ව්ය.

WhatsApp Group

Skip to content