වත්මන් තත්ත්වය අවබෝධ කර ගනිමින්, මෙතෙක් ලබා ඇති ප්‍රගතියට සහය දෙන ලෙස කොළඹ සිටින විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබෙනවා.

විෂයභාර අමාත්‍ය අලි සබ්රි විසින් එම අමාත්‍යාංශයේදී රාජ්‍යතාන්ත්‍රිකයන් දැනුවත් කිරීමේ හමුවක් කැඳවා තිබූ අතර, ආර්ථික ප්‍රකෘතිය, නීති ප්‍රතිසංස්කරණ සහ සංහිඳියාව වැනි කරුණු ගණනාවක් එහිදී පැහැදිලි කෙරුණා.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ දළ විශ්ලේෂණයක් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් සපයා තිබෙනවා.

WhatsApp Group

Skip to content