විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සහ රුසියානු තානාපති ලෙවන් එස්. ෂගරියන් යන මහත්වරුන් අතර රුසියානු – යුක්රේන ගැටුමට මැදිවී සිටින ශ්‍රී ලාංකිකයන් මුහුණපා ඇති හදිසි තත්ත්වය පිළිබඳ පසු විපරම් සාකච්ඡාවක් පසුගියදා (29) පැවැත්විණි.

මෙම හමුව, 2024 මැයි 07 අමාත්‍යවරයා රුසියානු තානාපතිවරයා සමඟ මීට පෙර පැවති සාකච්ඡාවේ දිගුවක් ලෙස සිදු විය.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් රුසියානු සමූහාණ්ඩුවේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා රුසියානු සමූහාණ්ඩුව වෙත පිටත් කරවාහැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති තීරණය විදේශ කටයුතු අමාත්‍යවරයා රුසියානු තානාපතිවරයාට මෙහි දී දන්වා සිටියේය.

ශ්‍රී ලංකා දූත පිරිස සඳහා අදාළ රැස්වීම් සූදානම් කිරීම සඳහා රුසියානු සමූහාණ්ඩුවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද විදේශ කටයුතු අමාත්‍යවරයා තානාපති ෂගරියන් මහතා වෙත දැනුම් දුන්නේය.

ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ශ්වය දක්වන අවධානය සැලකිල්ලට ගත් රුසියානු තානාපතිවරයා සංචාරය අතරතුර දී නියෝජිත පිරිසට අවශ්‍ය පහසුකම් සැලසීමට සියලු ප්‍රයත්න දරන බවට අමාත්‍යවරයාට සහතික විය.

WhatsApp Group

Skip to content