නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් විසි දෙලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද අලුයම අදාළ පුධලයා අත් අඩංගුවට ගත බවයි ගුවන්තොටුපල අප වාර්තාකරු සඳහන් කලේ.

සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , ලබන 30 වනදා මෙම පුද්ගලයා සමග ඔහු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය ද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

WhatsApp Group

Skip to content