මීගමුව , පෙරියමුල්ල සුපිරි ආපනශාලාවක අලෙවිය සදහා තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්  පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් සහ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා .
මෙම දුම්වැටි තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ අතර ඒවා දුම්කොළ සමාගම විසින්  දේශීය වශයෙන් අලෙවි කිරීම සදහා වෙළෙඳ පොළට නිකුත් කර තිබූ දුම්වැටි තොගයක් සමග  එකට මෙම ආපනශාලවේ රාක්ක තුළ අසුරා තිබුණා .
 ” මැන්චෙස්ටර් ” සහ තවත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි විශාල තොගයක් මෙම සුපිරි ආපනශාලාව තුළ තිබී පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් සහ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබූ අතර , ඒවා මෙම ආපනශාලා හිමිකරුවන් ඉදිරියේ මුද්‍රා තබා අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබෙනවා .
 මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය ශ්‍රී ලංකාවට අයවිය යුතු තීරු බදු ආදායම අහිමි කරමින්  කුමන ආකාරයකින් රැගෙන විත් තිබේද , එම දුම්වැටි ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමේ අලෙවි ජාලය පවත්වා ගෙන යන්නේ කවුරුන් විසින් ද යන්න පිළිබඳව මෙම පාරිභෝගික අධිකාරියේ  විශේෂ වැටලීම් සහ විමර්ශන ඒකකයේ නිලධාරීන් පරීක්ෂණ සිදු කරමින් සිටිනවා .

WhatsApp Group

Skip to content