විදෙස් රටවල සැඟව සිටින අපරාධකරුවන් කඩිනමින් මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයාගෙන් ද විශේෂ ඉල්ලීමක් කළ බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

මෙරට එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් අල් අමේරි මහතා හමු වූ අවස්ථාවේදියි ටිරාන් අලස් මහතා මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.

දෙරටේ පොලිසි අතර තොරතුරු හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content