විදෙස් රටක නිෂ්පාදිත අවියක් හා විදෙස් රටක නිෂ්පාදිත යැයි සැක කරන අවියක ක්‍රියාකාරි කොටස් 02 ක් සන්තකයේ තබාගෙන යම් අපරාධයකට සැරසුණු  පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය රත්ගම කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.ඒ.වී. දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (04) දින අහුංගල්ල පොලිස් වසමේ අංක 117/65, ගොරකගොඩ, බලපිටිය ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදු කර තිබෙනවා.

එහි දී යම්කිසි අපරාධයක් කිරීමේ අරමුණින් විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 උණ්ඩ යෙදිය හැකි අවියක් හා විදෙස් රටක නිෂ්පාදිත යැයි සැක කරන අවියක ක්‍රියාකාරි කොටස් 02 ක් සන්තකයේ තබාගෙන සිටි බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන  තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ.

සැකකරු කිසියම් අපරාදයක් සදහා සුදානමි වීම සමිබන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content