ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස මෙරට විදෙස් තානාපතිවරුන් ඇතුළු ධුත මණ්ඩල ප්‍රධානීන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, මෙරට රාජතාන්ත්‍රික කටයුතුවල 75 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය වුණු විශේෂ සංචාරයකට එක්වෙමින්.

පසුගියදා ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාරදුන් මෙරට රාජකාරියේ නිරත විදේශ ධූත මණ්ඩල ප්‍රධානීන් හදුනාගැනීමද මෙහිදී සිදුවුණා.

ඇල්ල ඔඩිසි දුම්රියේ මෙම විශේෂ සංචාරය සංවිධාන කර තිබුණේ විදේශ කටයුතු අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඒකාබද්ධවයි.

 

WhatsApp Group

Skip to content