ශ්‍රී ලංකන් ඇතුළු මෙරට ගුවන් සමාගම් දෙකක් සඳහා විදේශිය ගුවන් නියමුවන් බඳවා ගැනීම සඳහා අවසර ලබා දී තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරිය විසිනුයි මෙම අවසරය ලබා දී ඇත්තේ.

මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමුවන් 70කට ආසන්න සංඛ්‍යාවක් සේවය අතහැර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් ගමන් සදහා පුර්ණ ධාරිතාවයෙන් යුතුව ක්‍රියාකිරීමට නම් නියමුවන් අවම වශයෙන් 330ක් පමණ අවශ්‍ය බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ.

 

WhatsApp Group

Skip to content