නාවලපිටිය, කලුදෑමඩ ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවි දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී  එම ගිනි අවි සඳහා භාවිතා කරන පතරොම් 15ක්ද වැටලීම කළ පොලිස් විශේෂ කාර්ය බලකා තලවකැලේ කඳවුරේ නිලධාරීන් භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 47 සහ 55 යන වයස් වල පසුවන නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

WhatsApp Group

Skip to content