විදෙස් ගමන් බලපත්ර ලබා ගැනීම සදහා මාර්ගගත ක්රමය ඔස්සේ දිනයක් වෙන් කර ගැනීමේ ක්රමවේදය අද සිට ක්රියාත්මක බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය මාස කිහිපයක පුරා විදෙස් ගමන් බලපත්ර ලබාගැනීමේදී සිදු වූ දුෂ්කරතාවලට විසදුමක් ලෙස මෙම ඔන්ලයින් ක්රමවේදය හඳුන්වා දී තිබෙනවා.
මෙම මාසයට අදාළව දින වෙන් කර අවසන් බැවින් අද සිට මාර්ගගත ක්රමයට දින වෙන්කර ගන්නා පුද්ගලයින්ට ලබන මස දිනයක් ලබා දෙන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය මහත්මිය සදහන් කළේ.