ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගත්තද නව තාක්ෂණයත් සමග මුසුව නව ලෝකයේ ඉල්ලුමට සැපයුම ලබා දිමේ අරමුණින් ගොවිතැන අතරතුරම ඖෂධීය ගුණයෙන් යුතු දෑ වියලා කුඩු වශයෙන් අලෙවි කරන ව්‍යවසායකයෙක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් වාර්ත වෙයි.

මේ සඳහා වෙළපොළේ හොඳ ඉල්ලුමක් පවතින අතර දේශිය ඉල්ලුමට වඩා විදේශිය ඉල්ලුම ඉහල වන බැවින් ව්‍යාපාරය ආරම්භ කර මාසයක් යෑමටත් මත්තෙන් ඔහුට විදේශ රටවලින් ඉල්ලුම් ලැබි ඇත. ඒ සදහා අවශ්‍ය නියදියන් මේ වන විටත් අදාළ රටවලට යොමුකර අවසන්.

මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාලුවැව, සීප්පුකුලම ප්‍රාදේශයේ පදිංචි මදුශංක සම්පත් ධර්මසිරි මහතා මෙම ව්‍යාපාර දැනට මාස තුනකට පෙර සිට සිදු කරයි. මානෙල් මල් හා මුරුංගා කොල පවුඩර් නි‍ෂ්පාදනය කරයි එසේම කරපිංචා, රම්පේ, ඉකිරිය, නිල් කටරොළු, කොමඩු, නිල් මානෙල් රේණු හා මල් වියලා පැකට් කර අලෙවි කිරිම සිදු කරයි. අතරමැදින් හරහා විදෙස් රටවලට නියදියක් ලබා දිම තුළින් මේ වන විටත් වියලි නිල්මානෙල් මල් සදහා ඇනවුමක් ලැබුණ ද ඊට අවශ්‍ය උපකරණ නොමැති කම නිසා අපහසුතාවයට පත්ව අති බව මදුසංක මහතා ප්‍රකාශ කළේය.

එසේම දම්පාට මානෙල් මල් සපයා ගැනිමේ අපහසුතාවක් ද ඇත. මේ වන විට විජලන මැෂිමක් ද නොමැතිව, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විජලන මැෂිම උපයෝගි කරගෙන මෙම කටයුතු සිදුකරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම වියලි ද්‍රවයන් තේ, බෙහෙත් ඖෂධ හා රුපලාවන්‍ය කටයුතු සඳහා භාවිතයට ගනි. වෙළද පොලේ හොද ඉල්ලුමක් ඇති මෙම නිශ්පාදන මගින් ඉතා පහසුවෙන් විදේශ විනිමය උපයා ගැනිමේ හැකියාව පවතින බවත් ඒ සඳහා තමන්ට අවශ්‍ය ගැනුම්කරුවන් හා විජලන යන්ත්‍රය ක් සපයන්නේ නම් මෙය මහා පරිමාණයෙන් කල හැකිබව ඔහු පවසයි.

මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් තුමන් මෙම ව්‍යවසායකයා මිහින්තලේ ව්‍යවසායක සංසදය හරහා රටටම හඳුන්වා දිමට උත්සාහයක් දරයි.

WhatsApp Group

Skip to content