අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සියයට 90 ක් දක්වා ගෙන ඒමට අපොහොසත් වන විදුහල්පතිවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධක තාවකාලිකව අත්හිටුවන බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා විසින් එම පළාතේ සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දී ඇති බව සදහන්.
ඒ අනුව සියයට 90 වේ ඉලක්කයට ළඟා වන සියලු විදුහල්පතිවරු සහ ගුරුවරුන් වෙත 2023 වර්ෂයේ විශේෂ දීමනාවක් ලබා දෙන බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා පවසන්නේ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා යොමු කර ඇති චක්‍රලේඛය ඉල්ලා අස්කර ගත යුතු බවයි.

එසේ නොවන්නේ නම් එම පළාතේ සියලු විදුහල්පතිවරුන් සමග එක්ව ඉදිරියේදී වෘත්තිය ක්‍රියාමාර්ගවලට පිවිසෙන බව ඔහු සදහන් කළා.

WhatsApp Group

Skip to content