විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් අද විදුලි සේවකයන් ලෙඩ නිවාඩු දමමින් කොළඹ දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසනවා.

කෙසේ නමුත් අත්‍යවශ්‍ය සේවා කටයුතුවලට මින් බාධාවක් ඇති නොවන බව ද ඔහු සදහන් කළා.

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රධාන කාර්යාල අසල මෙම විරෝධතාව පවත්වන බවත් එදින ලංකා විදුලි බල මණ්ඩලයේ 54 වන සංවත්සරය බවත් ඔහු පැවසුවා.

ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය, සේවක වැටුප් ගැටලු ආදී කරුණු ද මෙම විරෝධතාවට හේතු බවයි රන්ජන් ජයලාල් මහතා කියා සිටියේ .

https://www.vnews.lk/storage/2023/11/RANJAN-JAYALAAL-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content