විදුලි සැර වැදීම හේතුවෙන් ගලෙන්බිඳුණුවැව ,වැලෑනේගම ප්‍රදේශයේ දී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගලෙන්බිඳුණුවැව ජාතික පාසලේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි පාසල් සිසුවකුයි.

නිවසේ විදුලි රැහැනක් කැඩී , ඇඟේ එතීමෙන් , අදාළ සිසුවාට විදුලි සැර වැඩි ඇති බවයි ගලෙන්බිදුණුවැව පොලිසිය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content