බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ රන්දෝලි පෙරහැර නැරඹීමට පැමිණි කාන්තාවක් විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.

දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි හැට එක් හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

පෙරහැර වෙනුවෙන් යොදවා තිබූ විදුලි පහන් කණුවක් ස්පර්ෂ කිරීම හේතුවෙන් විදුලි සැර වැදී මෙම අනතුර සිදුව තිබෙනවා.

විදුලි සැර වැදුණු කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

WhatsApp Group

Skip to content