තෙවනි වරටත් විදුලි බිල ඉහළ දැමීමක් සිදු කළහොත් ඊට සාපේක්ෂව බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව දකුණු පළාත් කුඩා සහ මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

මේ වන විට විදුලි බිල යළිත් වරක් ඉහල දැමීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ මෙන්ම ජනතාව ද දැඩි විරෝධයක් මතු කරමින් සිටිනවා.

මෙවැනි තත්ත්වයක් තුළ ඔක්තෝම්බර් මස පළමුවනදා සිට විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබෙනවා.

මේ අනුව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා කියා සිටියේ ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේද බේකරි ක්ෂේත්‍රය යළිත් දැඩි අපහසුතාවයට පත් කර ඇති බවයි.

 

WhatsApp Group

Skip to content