විදුලි බිල වැඩි කිරීමට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල අදත් විරෝධතා සංවිධාන කර තිබෙනවා.

විරෝධතාවන්ට එක්ව සිටින පිරිස් පෙන්වා දෙන්නේ ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක මෙලෙස විදුලි බිල ඉහළ දැමීම සාධාරණ නොවන බවයි.

වැඩි කළ විදුලි බිලට විරෝධය පලකරමින් ජාතික ජන බලවේගය ද ඊයේ විරෝධතාවක නිරත වුණා.

ඊට එක්ව සිටි ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු සුනිල් හදුන්නෙත්ති මහතා මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/10/SUNIL-HADUNNETHTHI-EDIT.mp3?_=1

මේ අතර සමගි ජන බලවේගය ද විදුලි බිලට එරෙහිව දිවයිනේ ප්‍රදේශ කිහිපක විරෝධතා සංවිධාන කර තිබුණා.

මේ එම විරෝධතාවකට එක්වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා.

https://www.vnews.lk/storage/2023/10/BANDULA-LAL-EDIT.mp3?_=2

මේ අතර විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද අදහස් පලකළා.

අමාත්‍යවරයා පැවසුවේ ලබන වසර ජනතාවට සහන ලැබෙන වසරක් වනු ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/10/MAHINDA-AMARAWEERA-EDIT-1-1.mp3?_=3

WhatsApp Group

Skip to content