විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන අදහස් ලබා ගැනීම අද සිදු කෙරෙනවා.

මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී මෙම කටයුතු ආරම්භ වන බවයි.

ඒ අනුව කොමිෂන් සභාව වෙත වාචික මෙන්ම ලිඛිතව ද ජනතාවට විදුලි ගාස්තු සංශෝධනය පිළිබදව අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී ඇත්තේ ඉදිරි වසර 2 ක කාලයක් සදහා විදුලි ගාස්තුව සියයට 10 කින් ඉහළ නැංවීමේ අවශ්‍යතාවය පවතින බවයි.

මේ අතර සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසුවේ මෙලෙස විදුලි බිල ඉහළ දැමීම අසාධාරණ බවයි.

https://www.vnews.lk/storage/2023/10/ANANDA-PALITHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content