විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවශ්‍ය අමතර තොරතුරු ඉල්ලා අද දිනයේ දී ලංකා විදුලිබල මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා

මේ වසරේ තුන්වැනි කාර්තුමය සමාලෝචනය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ යුතු ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනාව එම කොමිෂන් සභාවට පසුගිය දා ඉදිරිපත් කර තිබුනා .

මහජන උපයෝගිතා කොමිසමේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, යෝජිත සමාලෝචනයන් අද දිනයේ දී මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවයි

WhatsApp Group

Skip to content