විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ දත්ත අධ්‍යයනය කරමින් පවතින බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ සිදුකළ යුතු සංශෝධන ඇත්නම් විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා කර ලබන මස 15 වනදා ට පෙර ප්‍රකාශයක් සිදුකරන බවයි.

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුව ද එය ක්‍රියාත්මක කිරීමට අදාළ නියෝග මහජන උපයෝගිතා කොමිසම විසින් මෙතෙක් ලබා දී නැහැ.

විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ විදුලිබිල වැඩිකිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම දැනුවත් කර – ඉන් අනතුරුව ලබාදෙන උපදෙස් සහ නියෝග මත – වැඩිකළ විදුලි ගාස්තුව අයකර ගැනීමට කටයුතු කරන බවයි.

WhatsApp Group

Skip to content