අද සිට විදුලි ගාස්තු පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2කින් විදුලි ගාස්තු පහළ යනු ඇති.

නව සංශෝධනයට අනුව ඒකක 0 ත් 30 ත් අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩය සදහා ඒකකයකට රුපියල් 30ක් ලෙස අය කළ යුතු ගාස්තුව රුපියල් 10ක් දක්වා අඩු කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසම ඊයේ රැස්වු අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

විදුලි ඒකක 60ට අඩු කාණ්ඩයේ ඒකකයක ගාස්තුව රුපියල් 42 සිට රුපියල් 32 දක්වා අඩුවන අතර මාසික ගාස්තුව රුපියල් 650 සිට රුපියල් 300 දක්වා අඩු වනු ඇති.

එමෙන්ම ඒකක 91 ත් 120 ත් කාණ්ඩය සදහා ඒකකයක මිල රුපියල් 42 සිට රුපියල් 35 දක්වා කිරීමටයි තීරණය වී ඇත්තේ.

එහි මාසික ගාස්තුව රුපියල් 1500 සිට රුපියල් 1000 දක්වා අඩු කෙරෙනු ඇති.
මේ අතර ආගමික ස්ථාන සදහා සියයට 16ක ගාස්තු අඩු වීමක් හෙට සිට ක්‍රියාත්මක බවයි මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ.
එමෙන්ම හෝටල් අංශයේ ගාස්තු අඩුවීම සියයට 26.3කින් සහ කර්මාන්ත අංශයේ සියයට 09කින් විදුලි ගාස්තු අඩු කිරීම සිදුකෙරෙනවා.

 

 

WhatsApp Group

Skip to content