අඩුකළ ගාස්තුව ප්‍රමාණවත් නොවන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කරන්නේ විදුලි ගාස්තුව සියයට 25 කින් පමණ අඩුකළ යුතු බවයි. කෙසේ වෙතත් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි 14.2 % කින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දෙනු ලබුවා.

මේ අතර, කර්මාන්ත අංශය සදහා 9 %ක විදුලි ගාස්තු අඩුකිරිමක් සිදුකර ඇති අතර, එයද ප්‍රමාණවත් නොවන බවයි සමස්ත ලංකා කුඩාකර්මාන්ත කරුවන්ගේ සංගමය පවසන්නේ.

එමෙන්ම ඊයේ පවතී මාධ්‍ය හමුවකදී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ අඩු කර ඇති විදුලි ගාස්තුව ප්‍රමාණවත් නොවන බවයි.

https://www.vnews.lk/storage/2023/07/JANAKA-RATHNAYAKA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content