විදුලි සැර වැදීම හේතුවෙන් වාරියපොළ වඳුරැස්ස ප්‍රදේශයේ දී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 47 හැවිරිදි පුද්ගලයෙක්.
අදාළ පුද්ගලයා මාවත වැවේ මසුන් ඇල්ලීමට ගොස් ඇති අතර යලි නිවසට නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමක දී මාවත වැවේ තිබී අදාළ පුද්ගලයාගේ මළසිරුර හමුව තිබෙනවා.

ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල රෝහලේදී සිදුකර ඇති අතර විදුලිය සැර වැදීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී වැව අසල සතුන් දඩයම් කිරීම සඳහා අදින ලද අනවසර විදුලි රැහැනකින් විදුලිය ජලයට කාන්දු වී මෙම පුද්ගලයාට විදුලිය සැර වැදී ඇති බවට තහවුරු වී තිබෙනවා.

අනවසර විදුලි රැහැන් ඇදීම සම්බන්ධයෙන් වඳුරැස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content