විදුලි ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අහාර මිල ගණන් පහත දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා .

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ රජය මැදිහත්ව පාලන මිලට සහල් ලබා දෙන්නේ නම් තවදුරටත් ආහාර මිල අඩු කල හැකි බවයි .

බත් , ෆයිඩ් රයිස් සහ කොත්තු මිල ඊයේ මාධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 25 කින් පහල දැමීමටයි ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කලේ .

අනෙකුත් කෙටි ආහාර වල මිල ගණන් ද රුපියල් 10 කින් පහල දැමෙනු ඇති.

WhatsApp Group

Skip to content