විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට තවදුරටත් සහය දෙන බව ලෝක බැංකුව පවසනවා.

එහි නියෝජිතයින් පිරිසක් ඊයේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා හමුවුණා.

එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඊට අදාළව තාක්ෂණික සහය ලබා දීමට පියවර ගන්නා බවයි.

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වෙනුවෙන් තරගකාරී ලංසු තැබීමේ සැලසුමක් සකස් කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබද මෙහිදී සාකච්ඡා කළ බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content