විදුලිය කප්පාදුවට හේතුව මහජන උපයෝගිතා කොමිසම බවට විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සබහපතිවරයා තනි මතය අනුව ක්‍රියා කරමින් සිටින බවයි අමත්‍යවරයා සදහන් කලේ .

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ දී පැවැත්වේන විශේෂ මාධ්‍ය හමුකදී ඔහු අමාත්‍ය කාංචන විජේසේකර මහතා මේ බව අවධාරණය කළා .

එමෙන්ම ජනක රත්නායක මහතා යම් දේශපාලන උවමනාවක් අනුව කටයුතු කරන බවද අමාත්‍ය කාංචන විජේසේකර මහතා චෝදනාවක් එල්ල කලා.

https://www.vnews.lk/storage/2023/01/KANCHANA-WIJESEKARA-EDIT-01-1-1.mp3?_=1

මේ අතර විදුලි බල මණ්ඩලයේ නිලදරින්ට මානව හිමිකම් කොමිසමට බලපෑම් සිදු කර ඇතැයි විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර මහතා එම මාධ්‍ය හමුවේදී පැවසුවා.

ඒ හේතුවෙන් මානව හිමිකම් කොමිසමට එරෙහිවත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු පැවසුවේ

https://www.vnews.lk/storage/2023/01/KANCHANA-WIJESEKARA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content