විදුලිය, ඉන්ධන සහ සෞඛ්‍ය තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල අනුවයි.

ඒ අනුව විදුලි සැපයුමට සම්බන්ධ සියලුම සේවාවන් මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම හා බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත්වනවා.

එමෙන්ම රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලාවල සහ අනෙකුත් රෝගීන්ගේ නඩත්තුව, පිළිගැනීම, රැකවරණය, පෝෂණය සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් ඕනෑම කාර්යයක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා වන බවයි මෙම ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.

WhatsApp Group

Skip to content