සියයට 22 කින් ඉහළ දැමීමට ඉල්ලා තිබූ විදුලි ගාස්තු සංශෝධනය සියයට 18 ක් දක්වා පහළ දැමීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණඩලය අද දින මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී තිබෙනවා.

විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළව උපයෝගිතා කොමිසමේ මහජන අදහස් විමසීමේ අවස්ථාවට එක්වෙමින් විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ මණ්ඩලය පුරෝකථනය කළ සමස්ත අලාභය රුපියල් බිලියන 32 සිට රුපියල් බිලියන 18 දක්වා පහළ යාම මීට හේතු වී ඇති බවයි.

මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි නරේන්ද්‍ර ද සිල්වා මහතා.

https://www.vnews.lk/storage/2023/10/WIDULIYA-EDIT.mp3?_=1

මේ අතර මෙම වසරට අදාළව විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම මහජනතාව සහ පාර්ශවකරුවන්ගෙන් අදහස් ලබා ගැනීම අදින් අවසන් වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content