විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාල පනත් කෙටුම්පත නීති සම්පාදකට යොමු කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව ඊට අදාළ ක්‍රියාමාර්ග ගත් පසු අධිකරණ ක්‍රියාමාර්ග නොමැති නම් සති 06ක් තුළ නව පනත් කෙටුම්පත සම්මත කිරීමට බලාපොරොත්තු වන ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මේ අතර ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මූල්‍යමය මට්ටමින් ශක්තිමත් ආයතනයක් බවට පත්ව තිබෙන බවද අමාත්‍යවරයා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/KANCHAN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content