එළඹෙන ජුනි මස පස් වෙනි දිනට යෙදෙන ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් පළාත් හතරක පිහිට වූ මධ්යස්ථාන 97 කදී ජුනි මස 03 සහ 04 යන දෙදින විද්යුත් හා ඉලෙක්ට්රොනික අපද්රව්ය එක්රැස් කිරීමට මධ්යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත. ඒ අනුව, එම දින දෙකෙහි දී පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ ඇති විද්යුත් හා ඉලෙක්ට්රොනික අපද්රව්ය එම මධ්යස්ථාන වෙත ගෙනැවිත් නොමිලේ භාර දිය හැකි බව මධ්යම පරිසර අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව බස්නාහිර පළාත තුළ මධ්යස්ථාන 28ක් ද දකුණු පළාත තුළ මධ්යස්ථාන 39ක් ද නැගෙනහිර පළාත තුළ මධ්යස්ථාන 14ක් ද ඌව පළාත තුළ මධ්යස්ථාන 16ක් ද විද්යුත් හා ඉලෙක්ට්රොනික අපද්රව්ය එක්රැස් කිරීමට මෙම වැඩසටහනට අදාළව පිහිටුවා ඇත. මධ්යම පරිසර අධිකාරියේ ක්ෂණික දුරකථන අංකය වන 1981 ඇමතීමෙන් හෝ මේ සඳහා පත් කර ඇති මධ්යම පරිසර අධිකාරියේ දිස්ත්රික් සම්බන්ධීකාරක නිලධාරීන් ඇමතීමෙන් එක් එක් දිස්ත්රික්ක වල මධ්යස්ථාන පිහිටා ඇති ස්ථාන පිළිබඳ තොරතුරු ලබා ලබා ගත හැකිය. (කොළඹ – සංජීව මහතා – 0718418074, කළුතර – කල්පනී මහත්මිය – 0713101878, ගම්පහ – උපුල් මහතා – 0776906657, මාතර – සීකුබදු මහතා 0716865796/ පලිහක්කාර මහතා – 0714395981, ගාල්ල – ලලිත් මහතා – 0718352889, හම්බන්තොට – ධනුෂ්ක මහතා – 0718442950, මඩකලපුව – සතීස් මහතා – 0743096894/ ඇන්ටන් මහතා – 0769877849, අම්පාර – කිත්සිරි මහතා – 0773317710, ත්රීකුණාමලය – රාෆි මහතා – 0772389855/ කාදර් මහතා – 0779688899, මොනරාගල – බණ්ඩාර මහතා – 0718291798/ කුමාර මහතා – 0711782211, බදුල්ල – මාරසිංහ මහතා – 0714189936/ ප්රේමරත්න මහතා – 0760968110.)
සංයුක්ත ප්රතිදීප්ත (CFL බල්බ), රේඛීය ප්රතිදීප්ත පහන් (Tube බල්බ), CRT මොනිටර්ස්, කොටස් කර ඇති හෝ අභ්යන්තර කොටස් ගලවා ඇති විද්යුත් හා ඉලෙක්ට්රොනික උපකරණ ද පස්, වැලි හා මඩ තැවරී ඇති විද්යුත් හා ඉලෙක්ට්රොනික උපකරණ ද හැර අනෙකුත් විද්යුත් හා ඉලෙක්ට්රොනික අපද්රව්ය මෙම වැඩසටහනේ දී භාර ගනු ලැබේ. එලෙසම කර්මාන්තායතන, වෙළෙඳසැල් මගින් විශාල ප්රමාණවලින් ගෙන එනු ලබන විද්යුත් හා ඉලෙක්ට්රොනික අපද්රව්ය මෙම වැඩසටහනේ දී භාර නොගන්නා අතර ගෘහස්ථ විද්යුත් හා ඉලෙක්ට්රොනික අපද්රව්ය පමණක් භාර ගනු ලැබේ.

WhatsApp Group

Skip to content