විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ 20ට අධික වටිනාකමකින් යුත් විද්‍යුත් දුම්වැටි 1,105ක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති බව සදහන්.

රේගු පරීක්ෂණ වලින් අනතුරුව මෙම විද්‍යුත් දුම්වැටි තොගය රාජසන්තක කර සැකකරුට දඩ නියම කර තිබෙනවා.

WhatsApp Group

Skip to content