විගමනික ශ්‍රමික ප්‍රජාවගේ නොවිසඳුණු ගැටළු හා ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ක්‍රියාත්මක කර තිබෙනවා.

එම කාර්යාංශයේ සභාපති, කෝෂල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානවත්වයෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

ඒ අනුව මෙම වැඩසටහන ”සභාපතිට කියන්න” ලෙස නම් කර ඇති අතර එය ජනගත කිරීම එම කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු කරනු ලැබුවා.

මෙම වැඩසටහන තුළින් විගමනික ශ්‍රමික ප්‍රජාවගේ ගැටළු ඉදිරිපත් කිරිමට පොදු ස්ථානයක් නිර්මාණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ චෝදනා, විවේචන, දුක් ගැනවිලි සටහන් කරගැනීමට ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ “සභාපතිට කියන්න” යනුවෙන් නව කවුළුවක් විවෘත කර තිබෙනවා.

රටේ ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට එහිදී හැකියාව ලැබෙනවා.

WhatsApp Group

Skip to content